skip to main |
skip to sidebar
මැනලාද සතුට මට දෙන්නේ
ඉඳහිට දැන් දැන්
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුබ හට මා නම්
සඟවා ගන්න හිතක් නෑඑ
මා සතු ප්‍රේමයේ වත්කම්
ගැනලා දෙන්න දෙයක් නැහැ
ප්‍රේමය ගනින්න ඇත්නම්
මැනලා දෙන්න බැරි තරම
නුබ හට පෙම් කෙරුවේ මං
එහෙව් හිතට ඇයි මේ නොපනත්කම්
සුලඟව එන්න කියාලයි
හිමීට දොර ඇරියේ මං
හද බිඳ කුනාටුවක් වී
අද දින නුබ ආවෙ නම්
මෙහෙමත් උනේ මටඉතින්
කරලද මොන වරදක් මං
ඉවසනු බැරි දේ නුබ මට කරන වෙනස්කම්
ගායනය : කරුනාරත්න දිවුල්ගනේ
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනාම නෑ අත් බැඳි
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැඳී
කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදිනී
පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ තිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැඟුම් නැත්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත්කමක් නේද දැනුනේ කියා
කවදාද ඉටුවන්නේ මේ ප්‍රාර්තනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා
මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගේ දිලිසෙද්දී පොඩි ඇස් ඔයාගේ
බැහැ දැන් කියාගන්න හිත ගොලුවෙලා
දැන්ගත්ත දා ඈත වෙන්වී ගියෝතින්
හැමදාම විඳවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
ගායනය අමල් පෙරේරා
මලින් මලෙ රොන් පොපියන රඟන බඹර ජීවිතේ
කප් තුරු හිස දලු ලියලන නව යෞවන ජීවිතේ
අපට උරුම නැත නාඩන් හදවත .... //
තුරුනු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා ...//
ඉපනැලි කටු කොහොල් තුලින් මග සොයනා ගමනේ
මග සොයනා ගමනේ
කිදා බසින ජීවිතයට නැත කිසි පිලිසරනේ ...//
අරමුනු විසඳුමක් නැතේ අද පමනයි හෙටක් නැතේ ...//
හිස් අහසට අත් ඔසවා අපිත් ඉරට හැඬුවා
අපිත් ඉරට හැඬුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා... //
ගායනය : පන්ඩිත් අමරදේවයන්
පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ හිත රැඳි තනිය මකන්නට
මවුනට් කවදා හැකි වේදෝ
හිරු මඩලක් සේ කිරන බෙදා දී
නුග සෙවනක් සේ සිසිල සදා දී
ජීවිතයෙ බර උරින් දරා
පියවරුමයි ලොව මහ් සයුරක් වී
පොලව නිවා ලංනේ
මෙත් මුදිතා ගුන සිතෙහි දරා
පෙරුම් පුරා ඉඳ සසර පුරා
අමමාවරු මතු බුදුවන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවරන දෙන්නේ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද : කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතයි : රෝහන වීරසිංහ
නැති බැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණනි ඔබ පමනයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි
කල්ප ගනනකින් අප නොදුටුවමුත්
උනුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරන වූ දා
රැකවරනයි ඔබගේ සෙවනැල්ලේ
නැති බැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණනි ඔබ පමනයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි
අපේ නමට ඇස කඳුලු උනන්නේ
ඔබට පමනි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමක් සෙනෙහසක් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ
ගායනය : රෝහන වීරසිංහ
තනුව : රෝහන වීරසිංහ
පද : සුනිල් ආරියරත්න
1990 - 05 - 17 ඉඳලා මාව හදා වඩාගත් මගේ දෙමාපියන්ට
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයානෙනි මගේ කිරුල හිමි
ජීවන රජ දහනේ
මහද විමානයෙ තැන්පත් කල ලේ බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ
පරවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත් මා නොලුයුව ගීතේ
ගායනය ක්ලැරන්ස් විජේවර්දන
තරු මල් යායම -

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි
තරු මල් යායම...
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි
තරු මල් යායම...
කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජය මංගලම්
ජීවන අඳුරු කුටියේ මිනි පහන ඔබ උනේ
මව්පියන් සමගින් මා හැදු හැටි අගේ
දුක් වේදනා මගෙ නිව්වා
මවකි මට නම් මගේ අක්කා
සරසියකි මට නම් ඔබ මනුතත් විලේ
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන්
මතු බවයෙදිත් අක්කා වෙයන්
ගායනය ලහිරු පෙරේරා
කුමාරියක් වගේ නුබට රුව දීලා ඇත
සිනා බිඳක් මට් දෙන්නට් හිත දීලා නැත
ඔබ සිනාසෙන්න නෑ දන්නේ
පියාබන්න සැරසෙන්නේ
අහන්කාර බැල්ම කොහෙන්දෝ
ඇල ඉවුරේ ගුරු පාරේ වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැමවාරේ
හා හා ඇයි රවන්නේ මා දිහාද
පෙම් කරන්න අපි එපාද දැන්
ඈත තිය දුටු වේලේ අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආ ආ තරහ ගන්නේ පව් නොවේද
තරහ ගන්නේ
අපි එපාද දැන්
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
දෙතොල් සලා මුදු සිනා නගන්නෙම්
දෙනෙත් පුරා පිරි කඳුලු සලන්නෙම්
හදවත ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
ප්‍රේමය ගොලු වී හඩා වැටිලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොලුවී බලාසිටින්නෙමු
ගායනය : සුනිල් එදිරීසිංහ