සුවඳ මල් රේනු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුබට සමානා
කුරුලු තුඩු අගුන් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුබේ සිනාවා
සීත පිනි වදුල සඳවත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු තලපෙති
කොපුල් තලාවා
සුවඳ මල් රේනු පිස එන ....
අරුනු දුරකඩින් නැග එන
උදා හිරු කිරන හදවත
පුබුදු කරාවා
නොබා කරලියට දිව යන
හදට පන පොවන කුල්පත
නුබේ සිනාවා
ගායනය : ඉමාන් පෙරේරා







0 අදහස්:
Post a Comment