Pages

Showing posts with label සෝමතිලක ජයමහ. Show all posts
Showing posts with label සෝමතිලක ජයමහ. Show all posts

Friday, June 13, 2014

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට //

දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට //
මහද සෙනෙහි ඔරුවේ නැගි ඔබ
එතෙර වන්න නිබදේ
නිදි ලොව වෙත එතෙර වන්න නිබදේ

නිමල පැතුම් සපුරා ගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට //
අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ
ඔබේ ආදර ජීවන මල් ගොමුවේ

ගායනය සෝමතිලක ජයමහ

Tuesday, November 13, 2012

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි 
ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි 
යලි හෙටදිනයෙත් අපි  හමුවන්නෙමු 
අපි සක්විති රජ කිරුල පැලැන්දෙමු // 

ලින්තොට ගන්තොට ආදි තැනේයා 

මල්මද බිසවුනි ඔබ හමුවූවා 
සෙනෙහස් අරුනලු කිරන ගෙනාවා 
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා 

දැහැනකි ඔබ මගෙ හදවත බන්දන 

සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්ඳන 
දිනයක් එලබෙනු ඇත මන නන්දන 
අසිරිය මල් මද සිරිකත කැන්දන 

ගායනය : සෝමතිලක ජයමහ / පුන්‍යා කත්‍රිආරච්චි 
පද : සෝමතිලක ජයමහ 
තනුව : සෝමතිලක ජයමහ





 
 
Blogger Templates