Pages

Showing posts with label ක්ලැරන්ස් විජේවර්දන. Show all posts
Showing posts with label ක්ලැරන්ස් විජේවර්දන. Show all posts

Sunday, February 10, 2013

මාගේ වියෝවෙන් ඈ කල්පනාවෙන්



මාගේ වියෝවෙන් ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා
මගේ යැයි පැතූදේ
සිඳී බිඳී ගියාවේ
සිනාසී හඬා වෙන් උනේ

මා එතැයි කියා සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොදින් සිටින් ඔයා
ඈ කීව දේවල් මැවූ පෙම්කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙලෝකෙන් මැකීලා ගියාවේ


මා එතැයි කියා සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොදින් සිටින් ඔයා
ඈ කීව දේවල් මැවූ පෙම්කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙලෝකෙන් මැකීලා ගියාවේ

ගායනය ක්ලැරන්ස් විජේවර්දන 




මගේ සතුට ඔබ මිස නැත වෙන





මගේ සතුට ඔබ මිස නැත වෙන

ලයේ සොඳුරු සිතුවිලි පිබිදුන

එහා ලොවේහී තනිවුනු අද දින

සදා සිතමී සැනසෙන ඔබ් ගැන


මගේ රහස හදවත තුල දැවේ

මලේ බඹරු මොනවද පැවසුවේ

සිනා දෙතොල සිහියට එන වෙලේ

ඔබේ මුහුන මට අමතක නොවේ


සදා සොඳුරු සිතුවිලි සිත පුරා

සඳේ සිසිල ගත සිත ඇත අරා

නෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා

මගේ පැතුම එනු ඇත ඔබ කරා


ගායනය : ක්ලැරන්ස් විජේවර්දන




Wednesday, December 5, 2012

රෑ තාරකාවෝ බැලුවා එබී


රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් පෙඟී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා උනා

කඳුලැල් සලාලා නොහඬන් ලඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී වෙලුනා ඉබේ

හදුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ
වැලපෙන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුලක් තියනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ



දිලීප පොඩි පුතූ සනීපයට නිදි




දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයානෙනි මගේ කිරුල හිමි
ජීවන රජ දහනේ

මහද විමානයෙ තැන්පත් කල ලේ බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ

පරවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත් මා නොලුයුව ගීතේ

ගායනය  ක්ලැරන්ස් විජේවර්දන



කුමාරියක් වගේ නුබට රුව දීලා ඇත


කුමාරියක් වගේ නුබට රුව දීලා ඇත 
සිනා බිඳක් මට් දෙන්නට් හිත දීලා නැත 
ඔබ සිනාසෙන්න නෑ  දන්නේ 
පියාබන්න සැරසෙන්නේ 
අහන්කාර බැල්ම කොහෙන්දෝ 

ඇල ඉවුරේ ගුරු පාරේ වැට අයිනේ අඩි පාරේ

මා  දැකලා  හැමවාරේ 
හා හා ඇයි රවන්නේ මා දිහාද 
පෙම් කරන්න අපි එපාද දැන් 

ඈත තිය දුටු වේලේ අහක බලා යන තාලේ 

තාම දුරයි මගෙ කාලේ 
ආ ආ තරහ ගන්නේ පව් නොවේද 
තරහ ගන්නේ 
අපි එපාද දැන් 





 
 
Blogger Templates