Pages

Wednesday, November 21, 2012

~~Cloud Computing~~

හොදයි යාලුවනේ පහුගිය කාලේ ලෝකෙ ලොකු කතාබහක් ඇති උන දෙයක් නෙ Cloud Computing කියන්නේ, මේක ගැන දන්න අයට වඩා නොදන්න අය ඉන්නවා ඇති අනිවාර්‍යයෙන් , අවුරුදු ගානක් ටොරන්ට් වලින් ෆිල්ම් , ගේම් ඒ වගේම අර අරවා එහෙමත් හුරේ කියාගෙන බාපු ගොඩක් දෙනෙක් තවම දන්නෙ නැහැ ටොරන්ට් කියන්නෙත් Cloud වලට දෙන්න පුලුවන් හොඳම උදාහරනයක් කියල නේ 



බැලුවනේ උඩ තියන පින්තූරේ හරි එහෙනම් දැන් ඉතින් සේරම තේරෙනවා ඇති නෙ නේද ? 

සරලව විස්තර කරොත් මෙහෙම දෙයක් තමා මෙතන වෙන්නේ අපි හිතමුකො අපි Facebook එකට අපේ ෆොටෝ එකක් අප් කරනවා කියලා 



සැ:යු: වැදගත්ම දේ Cloud System එකක් කරන්න තනි සර්වර් එක්කට විතරක් නම් කොහෙත්ම බැහැ අනිවාර්‍යයෙන්ම සර්වර් 2ක් හෝ ඊට වඩා වැඩි ගනනක් තිබිය යුතුමයි හොඳේ 



හරි ඒ දේත් මතක තියාගෙන අපි ඉස්සරහට යමුකො , අර කිව්ව විදියට අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරද්දී වෙන්නේ අපේ ෆොටෝ එක එයාලගේ සර්වර් එක්කට සේව් කරගන්න එකනේ (අපේ යූසර් නේම් යටතේ අදාල විදියට එයාලා හදාගෙන ඉන්න තැනකට තමා මේව සේව් කරගන්නේ ) මේ විදියට සේව් කරපු අපේ ෆොටෝ එක මෙයාලගෙ තියන අනික් හැම සර්වර් එක්කටම කොපි කරගන්න එකත් මේ එක්කම සිද්ද වෙනවා ඒක වෙන්නේ තවත් Technology එකක් නිසා ඒ තමා Clustering කියන Technology එක. මේක ප්‍රධාන කොටස් දෙක්කට වෙන් වෙනවා ඒ 

1. Database Clustering(එක් Server Database එක්ක යම් වෙනසක් සිදුවූ විට අනික් Server Database වල එම වෙනස කිරීම )
2. Application Clustering(එක් Server Application එක්ක යම් වෙනසක් සිදු වූ විට අනික් Server වලද එම වෙනසම සිදු කිරීම ) 


හරි අපි කතා කරේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන වෙලාවනේ 

හරි අපි ඔන්න දැන් දාපු ෆොටෝ එක FB Server වලට ගියා කියලා හිතමුකෝ. තව දෙයක් FB එකට තියන්නේ සර්වර් දෙකක් සහ මේ සර්වර් දෙක තියන්නේ එකක් ඇමරිකාවෙ සහ අනික අපේ ශ්‍රී ලංකාවෙ කියලත් හිතමුකෝ (හම්බන්තොටට කිට්ටුව ) හරි දැන් අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක ඔන්න ඇමරිකන් සර්වර් එකේ සහ හම්බන්තොට සර්වර් එකේ තියනවා හොදේ .... 

ඔන්න දැන් තමා සිරාම සිද්දිය වෙන්නේ හයියෙන් අහගන්න හොදේ අපි අප් කරපු ෆොටෝ එක ඔන්න අපේ Friend List එකේ එකෙක් ඕන් බලන්න කියලා ඒක උඩ ක්ලික් කරනවා. හරි ඒ වෙලාවේ අපි හිතමු ඒ 4to එකේ Preview එක අපිට පෙන්නුවේ ඇමරිකන් Database එකෙන් අරගෙන කියලා. තවත් දෙයක් අපි බලන ඕනම් පින්තූරයක් වීඩියෝ එකක් අපි නොදැනුවත්වම අපේ පරිගනකයට බාගන්නවා හොදේ ඒ බාගෙන තමා අපිට නිකන් එලකිරි සේ පෙන්නන්නේ. හරි ඔන්න දැන් අපි ක්ලික් කරා කියමුකො එ වෙලාවෙම ඇමරිකන් සර්වර් එකේ ඉන්න Client ලා ගාන වැඩිවෙලා සර්වර් එකේ Traffic එක වැඩිවෙනවා ඉතින් ඔන්න ඇමරිකන් සර්වර් එක Down 
වෙනවා දැන් මොකද කරන්නේ අපි ඉල්ලපු ඉමේජ් එකේ Result එක අපිට නොදි ඉඳීද නැහැ මතකනේ ඒ වගේම තවත් එකක් අපේ දෙයියගේ ගමේ ඒ කියන්නේ හම්බන්තොට තියේ කියලා ඉතින් අපෙ ඉල්ලිම හම්බන්තොට Server එකෙන් අපිට ඉෂ්ඨ කරනවා . ඒත් අපි දන්නෙ නැහැ මේක ආවෙ ලොක්කගේ ගමෙන්ද නැතනම් ඔබාමගේ ගමෙන්ද කියලා හරී 

ඔන්න ඕකයි ඔය පොරවල් වෙන්න අපි Cloud වලින් අපේ වැඩ කරන්නෙ වගේ පොර එක දිදී කියන දේ ඇතුලේ තියන්නේ හරි 

කෙටියෙන් සාරංශය කිව්වොත් වෙන්නේ Data එකක් එක්නෙකට සම්බන්ද වෙලා තියන සර්වර් ගනනාවක තියාගෙන ඉඳලා ඒ Data එක ආපහු ඕන වෙන වෙලාවට Data Traffic එකක් අවම වෙන විදියට ගෙන්න ගන්න එකට තමා Cloud Computing කියන්නෙ 



හරි මෙහෙම කියලත් සමහර විට කෙනෙක්ට තේරිලා නැතුව් ඇතිනේ එහෙම අයටයි මේ ටික හැබැයි මේක තේරෙන්න නම් ඉතින් ටොරන්ට් එකක් පාවිච්චි කරලා තියෙන්න ඕන හොඳේ 

ටොරන්ට් කියන්නෙත් එක්තරා ආකාරයක Cloud System එකක් තමා ඒ කියන්නේ ටොරන්ට් එක්කට Seeds කියලා ජාතියක් තියනවා කවුරුත් දැකලා ඇතිනේ ඒ කියන්නේ එක්තරා විදියකට ගත්තොත් Seed කියන්නේ ඒ අපි ගන්න ඩේටා එක තියන සර්වර් එකක් කියලා අපිට හිතන්න පුලුවන්. 

හරි තවදුරටත් හිතල බැලුවොත් ඔන්න අපි PirateBay එකෙන් ගේම් එක්ක ටොරන්ට් එකක් ගත්තා කියලා හිතමුකෝ හරි දැන් ඔන්න Piratebay Server එකේ තියනවා ඒ ගේම් එක සයිස් එකත් හිතමු 15GB විතර කියලා හරි මේක Direct Download කරන්න තියේ නම් හැමෝම කරන්නෙ මොකක්ද ගියා PirateBay එකට කෙලින්ම ඇද්දා එහේ සර්වර් එකෙන්. හරි මේ ගේම් එක Release වෙලා වැඩි කල් නැහැ පට්ට ජනප්‍රියයි කියලත් හිතමුකො ඉතින් දැන් Direct මේක බාගන්නේ අපි විතරද නැහැ නේ ලෝකේ ඉන්න හැම මීමම මේක ගන්න රින්ගනවා PirateBay එකට ඉතින් ටික වෙලාවයි යන්නේ මෙන්න PirateBay සර්වර් එක Down ඇයි ඉතින් දෙයියනේ බල්ලොයි කොල්ලොයි සේරම රින්ගුවාම ආයෙ කොහෙද හැරෙන්නවත් ඉඩක් 

ඒත් ටොරන්ට් එක්කදි මෙහෙම වෙන්නේ නැහැ ඒකෙදි කරන්නේ හැමෝම තමන්ගේ බාගත්ත ටිකත් එකිනෙකා එක්ක බෙදා ගන්න එක ඒ කියන්නේ අපි 1GB විතර කොටසක් බාගත්තා කියමුකෝ PirateBay server එකෙන් ඒ වගේම ඒ වෙලාවේ ඉන්දියාවේ එකෙකුයි පාකිසතානේ එකෙකුයි දෙන්නාත් මේක බාගන්න හැදුවානම් සමහරවිට අපේ බාගත්ත කොටසෙන් එයාලා තමන්ගේ පරිගනකයට බාගන්නවා වෙන්නත් පුලුවන් ඒ කියන්නේ නිකන්ම ජාලයක් (Network) හැදිලා එකිනෙකාගේ ඩේටා එකිනෙකා අතරේ Share කරගැනීමක් තමා වෙන්නේ . මම බොරු කියනවා නම් බලන්නකො ටොරන්ට් එකක් බාද්දී අපේ ඩව්න්ලෝඩ් එකක් වගේම අප්ලෝඩ් එක්කුත් සිද්ද වෙනවා ඒ කියන්නේ අපේ ඩේටා තවත් කෙනෙක් අරගන්නවා කියන එකනේ නේද ? 

හොදයි යාලුවනේ ඔච්චරයි තමා ඉතින් මන් නම් දන්නේ තව වැදගත් දෙයක් දැනගත්තොත් මම කියල දෙන්නම්කො දැන් නම් ඉතින් අත් දෙකත් සෑහෙන්න රිදෙනවා කොටලා කොටලා වැඩේ හොදනම් ඉතින් දන්නවනේ  එහෙනම් අපි ගියා ගිහින් එන්නම් මයි අම්මා 

Thursday, November 15, 2012

~~WindowS 9~~




හොදයි යාලුවනේ අපිට මේ ලඟදි එලිදක්වපු වින්ඩෝස් සංස්කරණය නේ 8 කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ 2015 දි මේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති වල නවතම සංස්කරනයක් එන්න නියමිතලු 
මේක වින්ඩොස් 9 විදියට නම් කරන්න වගේම කේත නාමය විදියට
වින්ඩෝස් බ්ලූ කියන නම යොදාගන්න යන බව කට කතා දැනටමත් පැතිරිලා තියනවා 
කොල්ලෝ මේක දාගත්ත දවසක ලංකාවේ අපිට නම් පොඩ්ඩක් චොර වෙන්න වෙනවා ඇයි දෙයියනේ කොහොමද කටක් ඇරලා මචන් 
උබ ලඟ බ්ලූ තියනවද ? කියලා අහන්නේ නේ ?

මයික්‍රෝසොෆ්ට් එකේ මේ පද්දතිය ගැන දැනටමත් ඉඟි කිහිපයක් පිටවෙලා තියනවා එකක් තමා Microsoft එකේ වැඩකරන පොරවල් ඔය තැන තැන තියන වාචාල කමට කියවන්න ගිහින් 

මේක ගැන තොරතුරු එලියට දාලා . ඒ කියන්නේ දෙකක් දාලා හන්දියක් ගානේ කියවන්න ගිහින් නැහැ සමාජ ජාල වෙබ් අඩවි වල ඊට සම්බංද දෙවල් මේ අය ශෙයාර් කරලා ඊට අමතරව වින්ඩෝස් 
මෙහෙයුම් පද්දති එලියට දාන කාල වකවානු අනූව 2015 විතර තමා අලුතින් එක්ක එන්න තියන්නේ ඒ වගේම මීට පෙර පැමිනි මෙහෙයුම් පද්දති බොහෝ දුරට අවුරුදු 3-4 ක පරතරයකින් වෙලඳපොලට නිකුත් කරලා තියනවා ..

හොදයි මෙහෙම දෙයක් එලියට එනවා කිව්වම ගොඩක් මිනිස්සු මේක ගැන අනාවැකි කියන්නත් එනවනේ ඒ වගේම මෙයාලා තක්සේරු කරලා තියනවා මේ අලුත් පද්දතියේ ගුන අගුනත්  මෙයාල නිශ්චය කරලා තියනවා . 
මේ අය කියන විදියට 8 වල වගේම මේකෙත් මෙට්‍රො Interface එක අඩංගු වෙයි කියලා තමා කියන්නේ 


ඒ වගේම මෙහෙයුම් පද්දතිය සාමාන්‍ය පරිගනකයකට වඩා එහාට ඒ කියන්නේ මොබයිල් මෙහෙයුම් පද්දතියක් විදියට එලිදක්වන්න සැලසුම් කරගෙන ඇති කියලා තමා කියන්නේ ඒ වගේම ක්ශනිකව මොබයිල් උපාංග එක්ක සම්බන්ද වෙන්න පුලුවන් විදියට 
මොබයිල් මෙහෙයුම් පද්දතියත් වැඩි දියුනු කරන්න තමා හදන්නේ 

වැදගත්ම් දේ තමා මේකෙදි පරිගනකයේ දත්ත තියාගන්න බොහෝ දුරට හාඩ් ඩිස්ක් එකකට වඩා ස්කයි ඩ්‍රයිව් වගේ ඔන්ලයින් ෆයිල් ශෙයාරින් ක්‍රමයක් භාවිතා කරාවි ( අපිට නම් ඉතින් දුක තමා ) මේක අපිට කොහොම බලපෑවත් හොඳ 





අන්තර්ජාල සබඳතාවක් තියන රටකට නම් 
හොඳ අදහසක් මොකද එතකොට අපේ ඩේටා සේරම සේව් වෙන්නේ මයික්‍රොසොෆ්ට් සර්වර් එක්ක ඒ නිසා අපිට ඕනම මොහොතක ඕනම මොබයිල් උපාංගයකින් අපේ ඩෙස්ක්ටොප් එකට ඇතුල් වෙන්න පුලුවන් 

මේවගේ දේවල් වලට අමතරව මේ විදියට ඔන්ලයින් ක්‍රමයට ධාවනයි වෙන මෙහෙයුම් පද්දතියක් නිසා දැන් එන විදියට වඩා කුඩා ඉඩක් අවශ්‍ය වේවි මේක වැඩ කරවන්න ඒ වගේම DVD එක්ක එනවා වෙනුවට අන්තර්ජාලයෙන් කෙලින්ම බාගන්න පුලුවන් 

විදියට මේ මෙහෙයුම් පද්ධතිය ඒවි 

දැනට ඉතින් ඔච්චරයි එහෙනම් අපි ගියා බොහොම ස්තූති :):):):)

Tuesday, November 13, 2012

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි 
ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි 
යලි හෙටදිනයෙත් අපි  හමුවන්නෙමු 
අපි සක්විති රජ කිරුල පැලැන්දෙමු // 

ලින්තොට ගන්තොට ආදි තැනේයා 

මල්මද බිසවුනි ඔබ හමුවූවා 
සෙනෙහස් අරුනලු කිරන ගෙනාවා 
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා 

දැහැනකි ඔබ මගෙ හදවත බන්දන 

සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්ඳන 
දිනයක් එලබෙනු ඇත මන නන්දන 
අසිරිය මල් මද සිරිකත කැන්දන 

ගායනය : සෝමතිලක ජයමහ / පුන්‍යා කත්‍රිආරච්චි 
පද : සෝමතිලක ජයමහ 
තනුව : සෝමතිලක ජයමහ





එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට

එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට 
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට 
හැරදා ගිය දිනේ නාවත් මා ගම්දොරට 
ආවෙ ඇයිද විරහී සිත අද්දරට 

විශ්මිත කමට අදහන්නට බැහැ තවම 

මා හැර දමා නුබ ගිය මග දැන අරුම
සතුකරගන්න මුල් පෙම නොපිදූ බැවින 
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින 

සිටිනා කොදෙව්වක නුබ සැප විඳී නම් 

මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම් 
මතකය නුබට හිරිහැරයක් නොවේ නම් 
තව කුමකටද දුක් ගී කල්පනාවන් 

ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ 

පද : බන්දුල නානායක්කාරවසම් 





ඉටි පහනක් දෝ මා...

සුළඟට සැලෙනා...
සුළඟට සැලෙනා...

පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...

මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ..

මා කෙළෙසී යාදෝ...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී...
හදවත කළඹා ගත සිත පොළඹා...
නිසසළ දැහැන බිදී...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නො...
පණ නල ගනිති සොරා

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

ගායනය : විශාරද නන්දා මාලිනිය 


 

ඉගෙන ගන්ට නෑ ලේසී

ඉගෙන ගන්ට නෑ ලේසී 
ඉගෙන ගතොත් වේ වාසී  
රජෙක් වෙන්ට ලෝ වාසී 
ඉගෙනගනින් ඉංග්‍රීසී 

ලේ රත් වෙයි නිතර ඇසෙන හෙලබස ගැන ගෝශාවෙන් 

ඒත් රටේ වැඩ කටයුතු ඒරොප්පේ භාශාවෙන් 
පුතේ තොපි නොරැවටී 
ගුරු දෙපා මුල වැටී 
ඉංග්‍රීසි හොඳ හැටී 
ඉගෙන ගතොත් හරි වටී 

ඇති හැකි උන් අපෙ බෙල්ල  කපා මෙල්ල් කරන කඩුව 

අපේ අතට අපි අරගෙන කපා දමමු උන්ගෙ බොටුව 
පුතේ ශේක්ශ්පියර්ලා 
තෙපි  අඳුරගනිල්ල 
එ ලොවට් ගිහිල්ලා 
බසේ රසේ විඳිල්ලා 

ගායනය : නන්දා මාලිනි 

සංගීතය : සුරේශ් මාලියද්ද / රෝහන වීරසිංහ 
පද : මහාචාර්‍ය සුනිල් ආරියරත්න 



එදා ඉඳන් මගෙත් එක්ක ඉංග්‍රීසි පංති කට් කරල බදුල්ල වටේ රවුම් ගහපු උදාර සහ දමින්ද සහෝදරයන්ට ...... 



රුදුරුතුරු වදුලේ

රුදුරුතුරු වදුලේ 
තියුනු කටු අතරේ 
දිලෙන සියුමැලියේ 
ඔබයි ජීවන සුවඳ දෙන්නේ 
රෝස කුසුම මගේ .... // 

මහදේ ..... 

රන්සුඹුගේ  නුබ තබලා 
නිරන්තරේ ...... 
රැක ගනිමි පුබුදුවල 
සුවඳ විදිමින් ඉඳිමි සැමදා 
දෑස වැසෙන තුරා 

මිහිරී රූ සිරී 

මිහිරේ ජනනියේ 
සිත සැනසේ ඔබ දසුනේ 
මුදුමතී මුදුමතී 
සිත සැනසේ ඔබ දසුනේ 

ගායනය : සුනිල් එදිරිසිංහ

පද : මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා 
සංගීතය : මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා 



මේක ආදර ගීතයක් ඒ උනත් ඒක එසේ මෙසේ ආදරයක් නෙවෙයි තාත්ත කෙනෙක් දුවෙක්ට දක්වන අපිරිමිත ආදරයක් හොඳට කියවල බලන්න 





මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා 
මීගස් යට  මී වැහි වැහැලා 
බාලේ මෙන් පාන්දරින් ඇවිදින්නට යන්නට බැහැ 
මට තනියක් දැනෙනවා 

දරට ගිහින් කුරුලු කැලේ මග වැරදීලා 

මං එනතුරු හඬා වැටෙද්දී 
නුබට දැනුනු පාලුව් දුක මෙදා මටත් මලේ 
නුබ නැතිදා මට තනිකම දැනෙනවා 

පැදුරු කොටේ තුරුලු වෙලා ගොන්මන් යාමෙ 

හොල්මන් ගැන කතා කියද්දී 
මගේ ඇඟේ දැවටීගෙන ආසා සිටිද්දී මලේ 
නුබ නැති දා මට තනිකම දැනෙනවා 

ගායනය : පණ්ඩිත් අමරදේවයන් 

පද : කුලරත්න ආරියවංශ 
සංගීතය :  රෝහන වීරසිංහ 



හැරදා නොගියත් මගේ ලඟින් ඉන්න මගේ පොඩි මල්ලීට 



ඔබට මා ආදරය කල බව මෙතරම්

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියාවද සෑඩ සුලඟේ

ඉරක් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ 

ගායනය : මාලිනී බුලත්සිංහල
පද : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය : එච් එම් ජයරත්න



 
 
Blogger Templates