Pages

Saturday, June 1, 2013

ආයෙත් හඬන්න

ආයෙත් හඬන්න 
කඳුලක් උනන්න 
ඇයි අපි මේ හමුවන්නේ 
හිමිනැති ඔයාව 
හිත යට තියාන 
දුක් විදලයි හිත හැදුනේ 
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ 
මං තාමත් මගේ තනි හීනේ 
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ 
ඒකයි මං ඔබෙන් වෙන්වෙන්නේ 

ආඩම්බර රුව දැකලා 
සිත ආයෙත් උමතු වෙලා 
සඟවන්නට බෑ කිසිදා 
පුංචි පෙම්පත්  කතා 
අපේම ලොවේදි අපි මුන ගැසේවි 
සිත මින් පෙම් කරලා 
ඔබ දුර ඇදේවි 
මං ඉකිබිඳීවි 
අපි ඈතයි සැමදා 

සදාතනික පෙම පතලා 
තනිකඩ සිත මුලා වෙලා 
ඇති නැති දුර දුරක තියා 
සත්තමයි පෙම්කලා 
අපේම ලොවේදි 
අපි මුන ගැසේවි 
සිත මින් පෙම් කරලා 
ඔබ දුර ඇදේවි 
මං ඉකිබිඳීවි 
අපි ඈතයි සැමදා 

ගායනය : තීක්ශණ අනුරාද 
පද : කසුන් ප්‍රීමාල් 
සංගීතය : සඳරුවන් ජයසිංහ 






 
 
Blogger Templates