skip to main |
skip to sidebar
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුලාවදෝ
තරු ඇසක් ඇරී උදා ගිරේ
පෙම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
පෙම් මලේ හිනා මකේද
මේ වෙනස දෝ ආදරේ
සඳ රැසින් වැටී සුනිල් ගිරේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් දෙතොල් දවාද
එ දුකත් වසන්වයාද
මේ අරුම දෝ ආදරේ
පද : බන්දුල නානායක්කාරවසම්
ගායනය : එඩ්වඩ් ජයකොඩි

සුදු ඇත් පොව්වෙක් සුදු පියුමක් ගෙන පැදකුනු නොකලත් මා සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිඳු මට රජ පැටියෙක්
හංකිති කවමින් කුස තුල සක්මන් කරනාඅ
නුබ දඟයකු වේ යැයි නිකමට මෙන් මට සිතුනා
පැටියෝ .....
නුබ දුවක උනත් මට පුතෙකු උනත්
නුඹ හිස පලදන්නේ වෙනසක් ඇති එක
ආදරයයි ආදරයයි ආදරයයි
කුස තුල දැරුවැයි මතු බුදුවන පැතුමන් නැහැ
ලේ කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නැහැ
පැටියෝ ....
නුබ දුවක උනත් මට පුතෙකු උනත්
මම නුඹට පුදන්නේ සැබෑම දිදුලන
ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි
ගායනය : නිරෝශා විරාජිනී
පද : බන්දුල නානායක්කාරවසම්
මගේ අම්මා ඇතුලු දහස් සංක්‍යාත ලෝකවාසි අම්මා වරුන්ට ආදරයෙන්
එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරදා ගිය දිනේ නාවත් මා ගම්දොරට
ආවෙ ඇයිද විරහී සිත අද්දරට
විශ්මිත කමට අදහන්නට බැහැ තවම
මා හැර දමා නුබ ගිය මග දැන අරුම
සතුකරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින
සිටිනා කොදෙව්වක නුබ සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුබට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ
පද : බන්දුල නානායක්කාරවසම්