Pages

Tuesday, October 15, 2013

ඇතුල් හිතේ

ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මය ම උණුහුම් කළ අම්මා.... මගේ අම්මා...

වචන රහිත දිග ම ප්‍රේම ගීය කණේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා...
නැති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා...
ආත්මය ම හැදුවේ අම්මා...

ඇතුල් හිතේ......

හරි ම තැනින් පටන් ගන්න කියා දුන්න හින්දා
හොද ම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා...
සැප විදිනව දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඩුවේ අම්මා....
ආත්මය ම හැදුවේ අම්මා...

ඇතුල් හිතේ......
 
 
Blogger Templates