Pages

Showing posts with label නන්දා මාලිනී. Show all posts
Showing posts with label නන්දා මාලිනී. Show all posts

Friday, June 13, 2014

රුක් අත්තන මල මුදුනේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ…
සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ…
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ…

මුතු පිණි දැල් සැළෙන උදේ උදා දිමුතු හිරු එළියේ…
පුතු සවනට රහස් කියා පියමන් කරලා…
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ…

පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මිය යන මොහොතේ…
පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ...

පද රචනය - මහින්ද අල්ගම.
සංගීතය - නන්දා මාලිනී.

Wednesday, December 5, 2012

විභාගෙ විභාගෙ එහෙ බැලුවත් විභාගෙ මෙහෙ බැලුවත් විභාගෙ


විභාගෙ විභාගෙ 
එහෙ බැලුවත් විභාගෙ 
මෙහෙ බැලුවත් විභාගෙ 
විභාගෙ තමයි අපේ අභාගේ ....// 

විහිලුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට ....// 

නෑ වෙලාව විභාගේ... //
එකේ ඉඳන් දොලහ දක්වා ලොකු පොඩි හැම පන්තියකම 
ඇතෙක් බරට විභාගේ ...// 
ඉරක් හඳක් ගහක් කොලක් මනුස්සයෙක් පෙනෙන්නෙ නැහැ 
ඔහු සැප දුක අහන්න් නැහැ 
කන්නෙ බොන්නෙ අඳින්නෙ නැහැ 
විභාගේ ................

අම්ම තාත්තා අයිය අක්කා නංගි මල්ලි විතරක් යෑ 

නැන්දා මාම බාප්පා මහප්පා යහලුවො යෙහෙලියෝ අහල පහල අය 
කොහොමද ලමයෝ විභාගේ? 
තව සුමානෙකින් ප්‍රතිපල එයි 
කොහොමද විභාගෙ ප්‍රතිපල ?
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල 
බස් එක කෝච්චියේ පාර තොටේ 
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල // 
විභාගෙ ප්‍රතිපල වසංගතේ 

ඒ විතරක් යෑ 

විද්‍යා විශයද කලාවද? 
කලාව කිව්වොත් මලා වගේ 
චී චී චී ලැජ්ජ නැද්ද? 
අපේ එකෙක් කලාව කරන්න 
කවුද උබ දිහා බලන්නේ 
විද්‍යාවයි ගනන් ගන්නේ 
අඩු ගනනේ වානිජ වත් 
ඉතින් පුතේ නම්බුවක් නෙ 
ෆේල් උනත් විද්දියාවෙන් විභාගේ කොරලා 

සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන් 





 
 
Blogger Templates