Pages

Showing posts with label රෝහන වීරසිංහ. Show all posts
Showing posts with label රෝහන වීරසිංහ. Show all posts

Wednesday, December 5, 2012

නැති බැරි මොහොතක

නැති බැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණනි ඔබ පමනයි 
බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි 

කල්ප ගනනකින් අප නොදුටුවමුත් 

උනුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ 
පරාජයෙන් අප අසරන වූ දා  
රැකවරනයි ඔබගේ සෙවනැල්ලේ 

නැති බැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණනි ඔබ පමනයි 

බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි 

අපේ නමට ඇස කඳුලු උනන්නේ 
ඔබට පමනි මේ සිතිජ වලල්ලේ 
සැබෑ පෙමක් සෙනෙහසක් ලබන්නේ 
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ 

ගායනය : රෝහන වීරසිංහ 

තනුව : රෝහන වීරසිංහ
පද :  සුනිල් ආරියරත්න 

1990 - 05 - 17 ඉඳලා මාව හදා වඩාගත් මගේ දෙමාපියන්ට 






 
 
Blogger Templates