Pages

Showing posts with label නිරෝශා විරාජිනී. Show all posts
Showing posts with label නිරෝශා විරාජිනී. Show all posts

Wednesday, August 6, 2014

හීන ගේන හැම රෑකම - Heena Geena Hama Rakama

හීන ගේන හැම රෑකම
ලඟ හිටියා නම්
නෑර කැටුව ආවා නම්
සසර පුරා මං
ආලවන්තකම කියන්නේ
බෝසත්කම නම්
දුක් විඳින්න දන් දුන්නේ
කොහොමද එහෙනම්

ඈත දුරක හිටියත් නුබ
ලඟ උන් බව දැනී 
පේන පේන හැම තැනකම්
රන් රූ පෙම් පෙනී
දීප දේසේ යන යන තැන
මම සෙව්වා සකී
ජීවිතේම නුබ අරගෙන
යන්න ගියා වැනී

වාවගන්න බැරි කරුනක්
ඇස සිරකර වසා
පාරගන්න බැරි සිත නුබ
අරගෙන දුර ගියා
පාත්වෙන්න බැරිවත් හිස
පෙර හිස මත තියා
සෙනේවන්ත කම අරගෙන
එනවා සොය සොයා

ගායනය : අමරසිරි පීරිස් , නිරෝශා විරාජිනී



Wednesday, December 5, 2012

සුදු ඇත් පොව්වෙක්



සුදු ඇත් පොව්වෙක් සුදු පියුමක් ගෙන පැදකුනු නොකලත් මා සිරි යහනේ 
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිඳු මට රජ පැටියෙක් 

හංකිති  කවමින් කුස තුල සක්මන් කරනාඅ

නුබ දඟයකු වේ යැයි නිකමට මෙන්  මට සිතුනා 
පැටියෝ ..... 
නුබ දුවක උනත් මට  පුතෙකු උනත් 
නුඹ හිස පලදන්නේ වෙනසක් ඇති එක  
ආදරයයි ආදරයයි ආදරයයි 

කුස තුල දැරුවැයි මතු බුදුවන පැතුමන් නැහැ 

ලේ කිරි කර පෙව්වැයි  උදම් අනන්නට රිසි නැහැ 
පැටියෝ .... 
නුබ දුවක උනත් මට  පුතෙකු උනත් 
මම නුඹට පුදන්නේ සැබෑම දිදුලන 
ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි 

ගායනය : නිරෝශා විරාජිනී 

පද : බන්දුල  නානායක්කාරවසම් 

 මගේ අම්මා ඇතුලු දහස් සංක්‍යාත ලෝකවාසි අම්මා වරුන්ට ආදරයෙන් 






 
 
Blogger Templates