Pages

Showing posts with label නදීර නෝනිස්. Show all posts
Showing posts with label නදීර නෝනිස්. Show all posts

Thursday, September 19, 2013

දුරස්වෙලා වෙනස්වෙලා

දුරස්වෙලා වෙනස්වෙලා
වෙන්වීලා ගියත් ඔයා
තවමත් මම ඔය ඇස්වල
පළමු අයිති කාරයා...

අදටත් මතක් වුනා
පෙම්කල දවස් එදා
බොරු ප්‍රේමයක් මවා
මම වැරදි යයි කියා
වෙන අතක පැටලිලා
සමුගත්තෙ ඇයි ඔයා...

කඳුළින්ම සේදුනා
මගෙ ඇස් ඔයා නිසා
සුබපතමි ඈත්වෙලා
ඔබවෙතම සෑමදා
සතුටින්ම ඉන්න කියා
මගේ රත්තරන් ඔයා ...


ගායනය  : නදීර නෝනිස් 
සංගීතය :   රදීශ් වැන්දබෝනා 
පද : සජිත් වී චතුරංග 



 
 
Blogger Templates