මැනලාද සතුට මට දෙන්නේ
ඉඳහිට දැන් දැන්
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුබ හට මා නම්
සඟවා ගන්න හිතක් නෑඑ
මා සතු ප්‍රේමයේ වත්කම්
ගැනලා දෙන්න දෙයක් නැහැ
ප්‍රේමය ගනින්න ඇත්නම්
මැනලා දෙන්න බැරි තරම
නුබ හට පෙම් කෙරුවේ මං
එහෙව් හිතට ඇයි මේ නොපනත්කම්
සුලඟව එන්න කියාලයි
හිමීට දොර ඇරියේ මං
හද බිඳ කුනාටුවක් වී
අද දින නුබ ආවෙ නම්
මෙහෙමත් උනේ මටඉතින්
කරලද මොන වරදක් මං
ඉවසනු බැරි දේ නුබ මට කරන වෙනස්කම්
ගායනය : කරුනාරත්න දිවුල්ගනේ






