තරු නෙතු අද තරහවෙලා
වැටෙන හුස්මක් ගානේ
කඳුළු ගනින්නට
ඔබම තමයි මට ඕනේ
සිහින පුරා සිත් මානේ ලැබුණු ඔයා සංසාරේ
පණ කියලා පිදු ආලේ තරහ වෙලාද අවාරේ
මට තනිවෙනු බෑ ඔබ නෑනේ
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
ඔබම තමයි මට ඕනේ
හිත හදලා හැම වාරේ ඔබ හිටියා ළඟ මාගේ
වැරදි කලේ මමමයිනේ මේ දුක මහමෙර වාගේ
මට විදවනු බෑ මේ වාගේ
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
ඔබම තමයි මට ඕනේ
ගායනය නොයෙල් රාජ්
පද කසුන් ප්‍රීමාල්
සංගීතය සඳරුවන් ජයසිංහ





