Pages

Monday, May 13, 2013

ලා සඳු ආයේ පායාලා


ලා සඳු ආයේ පායාලා 
නෙතු මානේ පායාලා 
රෑ පානේ පායා රූ චායා 
නෙත් තරු අඳුරේ පීදීලා 
සඳ එලියේ නෑ වීලා 
සිත් මානේ පායා රූ චායා
දිලී තාරකාවෝ
රිදී රැස් දිදී
හදේ විල් තලාවේ
රටාවන් අඳී

මවා රන් රසෝගේ
හදේ තත් කැඩී
සුසුම් යාවුනා
පවන් හා ගැටී
යොවුන් සිහින පීදීලා
සිතුම් යාය කැලබීලා
යාවීලා නුරාගි සේයා
පීදීලා සෙනේහෙ චායා
යාවීලා පීදීලා චන්චලයි සේයා


ගායනය සමිතා මුදුන්කොටුව 

පද අසංගී විජේසූරිය 


මෙතනින් වීඩියෝව බාගන්න



Saturday, May 4, 2013

වෙන කාටවත් වඩා

වෙන කාටවත් වඩා
හිත ගාව ලංවෙලා
මම කාටවත් නොකී
හැම දේම කිව් නිසා
මුලු ලෝකයක් උනා
කෙටි කාලයක් පවා
අපි හීනයක් කියා
දැන දැනම ලංවුනා

හද ගැහෙන රාවයේ
මගෙ හීන අමුනලා
හුස්මකට සීරුවේ
නුබ මාව හඳුනලා
මතකයද ලෙන්ගතු
හැමදාම ලංවෙලා

නෙතු ඉවුරේ මේ  හැටි
වෙනදාට ඇවිදලා
දැනුනාම සැනසිලී
හැමදේම දුර තියා
මට මාව හමුවෙවී
මග හැරියේ නුබ නිසා



ගායනය : උත්පලා සඳමාලි
පද : විමාලක මුහන්දිරම්
සංගීතය : සංජු පෙරේරා






 
 
Blogger Templates