Pages

Showing posts with label උත්පලා සඳමාලි. Show all posts
Showing posts with label උත්පලා සඳමාලි. Show all posts

Saturday, May 4, 2013

වෙන කාටවත් වඩා

වෙන කාටවත් වඩා
හිත ගාව ලංවෙලා
මම කාටවත් නොකී
හැම දේම කිව් නිසා
මුලු ලෝකයක් උනා
කෙටි කාලයක් පවා
අපි හීනයක් කියා
දැන දැනම ලංවුනා

හද ගැහෙන රාවයේ
මගෙ හීන අමුනලා
හුස්මකට සීරුවේ
නුබ මාව හඳුනලා
මතකයද ලෙන්ගතු
හැමදාම ලංවෙලා

නෙතු ඉවුරේ මේ  හැටි
වෙනදාට ඇවිදලා
දැනුනාම සැනසිලී
හැමදේම දුර තියා
මට මාව හමුවෙවී
මග හැරියේ නුබ නිසා



ගායනය : උත්පලා සඳමාලි
පද : විමාලක මුහන්දිරම්
සංගීතය : සංජු පෙරේරා






 
 
Blogger Templates