skip to main |
skip to sidebar
මලින් මලෙ රොන් පොපියන රඟන බඹර ජීවිතේ
කප් තුරු හිස දලු ලියලන නව යෞවන ජීවිතේ
අපට උරුම නැත නාඩන් හදවත .... //
තුරුනු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා ...//
ඉපනැලි කටු කොහොල් තුලින් මග සොයනා ගමනේ
මග සොයනා ගමනේ
කිදා බසින ජීවිතයට නැත කිසි පිලිසරනේ ...//
අරමුනු විසඳුමක් නැතේ අද පමනයි හෙටක් නැතේ ...//
හිස් අහසට අත් ඔසවා අපිත් ඉරට හැඬුවා
අපිත් ඉරට හැඬුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා... //
ගායනය : පන්ඩිත් අමරදේවයන්
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මීගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇවිදින්නට යන්නට බැහැ
මට තනියක් දැනෙනවා
දරට ගිහින් කුරුලු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුබට දැනුනු පාලුව් දුක මෙදා මටත් මලේ
නුබ නැතිදා මට තනිකම දැනෙනවා
පැදුරු කොටේ තුරුලු වෙලා ගොන්මන් යාමෙ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන ආසා සිටිද්දී මලේ
නුබ නැති දා මට තනිකම දැනෙනවා
ගායනය : පණ්ඩිත් අමරදේවයන්
පද : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහන වීරසිංහ
හැරදා නොගියත් මගේ ලඟින් ඉන්න මගේ පොඩි මල්ලීට