Pages

Showing posts with label ලක්ෂ්මන් විජේසේකර. Show all posts
Showing posts with label ලක්ෂ්මන් විජේසේකර. Show all posts

Wednesday, December 5, 2012

සිනා පිපෙන මේ වසන්තය

සිනා පිපෙන මේ වසන්තය නෙල දෝතින් මලක් සේ 
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවෙ 
සිනාසේ ඔබයි ගෙන ආවේ 
වසන්තය මලක් සේ 

නිබඳ සුවඳයි ඔබ් නිසා මට 

ගම මැදින් හමනා පවන සිහිලැල් 
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා...


නිසල සිතුවිලි සසල තුරුලිය

අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා...//


ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර

සංගීතය : ලක්ෂ්මන් විජේසේකර 
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි




 
 
Blogger Templates