Pages

Friday, June 13, 2014

රුක් අත්තන මල මුදුනේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ…
සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ…
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ…

මුතු පිණි දැල් සැළෙන උදේ උදා දිමුතු හිරු එළියේ…
පුතු සවනට රහස් කියා පියමන් කරලා…
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ…

පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මිය යන මොහොතේ…
පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ...

පද රචනය - මහින්ද අල්ගම.
සංගීතය - නන්දා මාලිනී.

0 අදහස්:

Post a Comment

 
 
Blogger Templates