හීන ගේන හැම රෑකම
ලඟ හිටියා නම්
නෑර කැටුව ආවා නම්
සසර පුරා මං
ආලවන්තකම කියන්නේ
බෝසත්කම නම්
දුක් විඳින්න දන් දුන්නේ
කොහොමද එහෙනම්
ඈත දුරක හිටියත් නුබ
ලඟ උන් බව දැනී
පේන පේන හැම තැනකම්
රන් රූ පෙම් පෙනී
දීප දේසේ යන යන තැන
මම සෙව්වා සකී
ජීවිතේම නුබ අරගෙන
යන්න ගියා වැනී
වාවගන්න බැරි කරුනක්
ඇස සිරකර වසා
පාරගන්න බැරි සිත නුබ
අරගෙන දුර ගියා
පාත්වෙන්න බැරිවත් හිස
පෙර හිස මත තියා
සෙනේවන්ත කම අරගෙන
එනවා සොය සොයා
ගායනය : අමරසිරි පීරිස් , නිරෝශා විරාජිනී
Subscribe to:
Post Comments (Atom)






Thanks
ReplyDelete