Pages

Thursday, September 19, 2013

ආකාසේ පීරාලා වැහි වළාවක් පායලා

ආකාසේ පීරාලා වැහි වළාවක් පායලා
මා දෑස තෙත් වීලා කදුලැල් බිදක් වෑහිලා
අදහන්න බෑ මට ඔබමද කියා
හැරදා ගියේ වෙන දෑතක් සොයා

පපුවට ලන්වීලා ඔයා හදවත දැන් දීලා එදා
පැවසූ පෙම් ආරාධනා හිමි නැති වෙලා

සුව සංකා තවරාලා නෙත් තීරයක් පාසා
රෑ හීන සිත මාගේ ජීවත් කළා
බෝසත් සිනා යායේ කදුළු ගෑවුනත්
මදිවද පින් සංසාරේ ඔබ නොලැබෙන්නත්

පපුවට ලන්වීලා ඔයා හදවත දැන් දීලා එදා
පැවසූ පෙම් ආරාධනා හිමි නැති වෙලා

ආකාසේ පීරාලා වැහි වළාවක් පායලා
මා දෑස තෙත් වීලා කදුලැල් බිදක් වෑහිලා
අදහන්න බෑ මට ඔබමද කියා
හැරදා ගියේ වෙන දෑතක් සොයා


පපුවට ලන්වීලා ඔයා හදවත දැන් දීලා එදා
පැවසූ පෙම් ආරාධනා හිමි නැති වෙලා


පද සජිත් චතුරන්ග

සංගීතය  : අනුශ්ක දසනායක 
ගායනය  චන්දන ලියනාරච්චි 



0 අදහස්:

Post a Comment

 
 
Blogger Templates