මාගේ වියෝවෙන් ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා
මගේ යැයි පැතූදේ
සිඳී බිඳී ගියාවේ
සිනාසී හඬා වෙන් උනේ
මා එතැයි කියා සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොදින් සිටින් ඔයා
ඈ කීව දේවල් මැවූ පෙම්කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙලෝකෙන් මැකීලා ගියාවේ
මා එතැයි කියා සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොදින් සිටින් ඔයා
ඈ කීව දේවල් මැවූ පෙම්කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙලෝකෙන් මැකීලා ගියාවේ
ගායනය ක්ලැරන්ස් විජේවර්දන











