Pages

Friday, June 13, 2014

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට //

දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට //
මහද සෙනෙහි ඔරුවේ නැගි ඔබ
එතෙර වන්න නිබදේ
නිදි ලොව වෙත එතෙර වන්න නිබදේ

නිමල පැතුම් සපුරා ගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට //
අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ
ඔබේ ආදර ජීවන මල් ගොමුවේ

ගායනය සෝමතිලක ජයමහ

Sunday, March 9, 2014

මම ක්‍රිකට් පිස්සෙක්මි

කාලෙකට පස්සෙ රටම බලාගෙන සිටි ඒ මොහොත. ජය වේවා!!!!!

Friday, February 14, 2014

සඳ මිදුලට එනවා - Sanda Midulata Enawa

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැගවී යනවා

ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ


ගායනය : මර්වින් පෙරේරා

Saturday, February 8, 2014

ඔබ දැන් කීවත් කඳුලු සලා - Oba Dan Keewath Kadulu Sala

ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
සිත ගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවේනු මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
යන්නද කතාකලේ
දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුලු සලා.......

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළ‍‍ඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපෙනවා

ඔබ දැන් කීවත් කඳුලු සලා.......


පද රචනය : චිත්‍රානන්ද අබෙසේකර
ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
සංගීතය : සරත් දසනායක …

ගතින් ඉන්නට - Gathin Innata

ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ
සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි
ඔබේ සෙවනැල්ලයි.

ගතින් ඉන්නට..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි
ඔබේ හසරැල්ලයි...

ගතින් ඉන්නට..

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

කඳු පාර ඈත අයිනේ - Kandu Paara Aetha Ayine

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

ගං ඉමේ
මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා...

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා


ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
ගී පද : උපාලි ධනවලවිතාන … …

Thursday, January 2, 2014

ඔබට නොහැක මගේ සෙවනට එන්නට

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත.............

අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස

සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති.......................

හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට

එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට.............

ගායනය ඉශාන් ලන්ත්‍රා (Centigradz) 


Tuesday, October 15, 2013

ඇතුල් හිතේ

ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මය ම උණුහුම් කළ අම්මා.... මගේ අම්මා...

වචන රහිත දිග ම ප්‍රේම ගීය කණේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා...
නැති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා...
ආත්මය ම හැදුවේ අම්මා...

ඇතුල් හිතේ......

හරි ම තැනින් පටන් ගන්න කියා දුන්න හින්දා
හොද ම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා...
සැප විදිනව දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඩුවේ අම්මා....
ආත්මය ම හැදුවේ අම්මා...

ඇතුල් හිතේ......

Saturday, September 21, 2013

ළමා ගීත එකතුව

මේ ටික මට දුන්නෙ නම් එලකිරියේ දත් කිඹුලා අයියා 

1 . සෙන්පතියන් ගැන 

2. ආම්මාගේ උකුලේ 
3. චූටී මගෙ දුව චූටි 
4. දන ගාද්දි ඇවිදින්නට 
5. දොන් දොමිකිත 
6. හිනැහේවී බෝනික්කා 
7. කොන්ද නමාගෙන 
8. කොටුවැටිච්ච පුන්චි සරම 
9. කුරුම්ඹැට්ටි මැසිමේ 
10. මලක් පිපෙන හැටි 
11. මිදුලේ වැලි මාලිගාවෙ 
12. මුල් අකුරට මගෙ හෝඩි පොතේ 
13. පුන්චි අපේ මහ රජ්ජුරුවෝ 
14. පුරපසලොස්වක 
15. වේවැලක් කෝටුවක් 
16. යාලුයි අපි යාලුයි 
17. ආයි ක්‍යා 
18. රූන් රූන් 
19. වැලි පොල්කට්ටට 
20. ලෝක සිතියමේ 
21. මලක් නෙලාගෙන 
22. මිදුලේ වැලි මාලිගාවෙ 
21. මෝඩ මදුරුවා 
22. පේලි පේලි පේලි සැදී 
23. පුන්චි මකුලු ආච්චියේ 
24. රූන් රූන් හඬ දීලා 
25. සීනි කෝපි තේ කිරි තේ 
26. සීතල මීදුම් 
27. සිඟිති ලොවේ හුරතල් හඳයා 
28. සුරතල් නංගියේ 
29. උදෑසනම පොඩි අපි දිව එනවා 


 
 
Blogger Templates