යෝධ බල වෙර විරිය ලැබගෙන මවුබිමට මගෙ වාසනා
විපුල දිරියෙන් විදුල විරියෙන් දිනේවා මුරදේවතා
ආයු රක්ඛන්තු ආවඩා..ආයු රක්ඛන්තු ආවඩා..
රන් රිදී මිලමුදල් කහවණු යසඉසුරු ළඟ අතනොපා
ඔබ රකින රට මාතෘභූමිය අගී ස්වර්ගයටත් වඩා.. අගී ස්වර්ගයටත් වඩා..
චිරං ජීවතු චිරං ජීවතු ආයු රක්ඛන්තු ආවඩා..
පවුරු ජන සිවු දිගින් වටකළ සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවුබිම සිනාසෙන්නී රෑදිවා... සිනාසෙන්නී රෑදිවා...
චිරං ජීවතු චිරං ජීවතු ආයු රක්ඛන්තු ආවඩා..
රට රකින ජීවිත රකින අභිමානවත් මුරදේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවුබිමට මගෙ වාසනා
විපුල දිරියෙන් විදුල විරියෙන් දිනේවා මුරදේවතා
ආයු රක්ඛන්තු ආවඩා..ආයු රක්ඛන්තු ආවඩා.......
ආයු රක්ඛන්තු ආවඩා..ආයු රක්ඛන්තු ආවඩා.......










